ඇවන්ගාඩ් නෞකාවේ කපිතාන් යළි රිමාන්ඩ්

Monday, 18 July 2016 - 13:40

%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ඇවන්ගාඩ් නෞකාවේ යුක්රේන ජාතික කපිතාන් ග්‍රෙනාඩ්ලි ගැව්රිලොෆ් අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඒ, මීට  අදාළ නඩුව ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ඒ.පී.එල්. බණ්ඩාර හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදියි.

එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටි නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ඒ.පී.එල්. බණ්ඩාර සැකකරු ලබන මස 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි නියෝග කළේ.

පසුගිය මස 24 වනදා මෙම කපිතාන්වරයා අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිවිරෝධී ලෙස ගිනි අවි ප්‍රවාහනය කිරීමේ චෝදනාව යටතේයි.