හිටපු ඇමති බැසිල් රාජපක්ෂ අගෝස්තු 1 වන දා දක්වා රිමාන්ඩ්

Monday, 18 July 2016 - 16:52

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+1+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අගෝස්තු 01 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල අද නියෝග කළා.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත අද පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම දෙපාර්තමේන්තුව මගින් ප්‍රාදේශීය සභා සදහා කොඩි කණු ලබාදීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන්.

එමගින් රුපියල් මිලියන 32ක මුදලක් අවභාවිතා කර ඇති බවට බැසිල් රාජපක්ෂට චෝදනා එල්ල වී තිබෙනවා.