තුර්කි පොලීසියෙන් 8000ක් නෙරපයි

Monday, 18 July 2016 - 16:56

%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+8000%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%99%E0%B6%BB%E0%B6%B4%E0%B6%BA%E0%B7%92
පසුගිය සතියේ ඇති වූ හමුදා කැරැල්ලෙන් පසු තුර්කි පොලිස් සේවාවේ 8000ක් නෙරපීමට පියවර ගෙන තිබෙනවා.

අසාර්ථක වූ කුමන්ත්‍රණය සමඟ සම්බන්ධ වූ බව ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

තුර්කි ආරක්ෂක හමුදාවල සාමාජිකයන්, අධිකරණ සේවාවේ නියෝජිතයන් ඇතුළු 6000ක් පමණ කුමන්ත්‍රණයෙන් පසුව අත්අඩංගුවට ගැනුණා.

හමුදා ජෙනරාල්වරුන් ද ඒ අතර සිටින බවයි වාර්තා වන්නේ.

තුර්කි ජනාධිපති අර්ඩවාන් ප්‍රකාශ කළේ හමුදා කැරැල්ලට හේතු වූ වෛරසය රාජ්‍ය යාන්ත්‍රණය තුළින් මුලිනුපුටා දැමීමට කටයුතු කරන බවයි.