UPDATE : කැළණි ගඟේ දිය නෑමට ගොස් අතුරුදන් වූ දෙදෙනාගේ සිරුරු සොයා ගැනේ

Tuesday, 19 July 2016 - 8:52

UPDATE+%3A+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B6%9C%E0%B6%9F%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
හංවැල්ල - පහළ හංවැල්ල ප්‍රදේශයේ කැළණි ගඟේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පාසල් ළමයින් දෙදෙනාගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ කැළණි ගඟේ පහළ හංවැල්ල ප්‍රදේශයේ තිබී මොවුන් දෙදෙනාගේ මළ සිරුරු ඊයේ රාත්‍රියේ සොයාගෙන ඇති බවයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ හංවැල්ල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක් සහ 16 හැවිරිදි පිරිමි ළමයෙක්.


--------------------------------------Update,Tuesday, July 19, 2016 10.36 am

හංවැල්ල - පහළ හංවැල්ල ප්‍රදේශයේ කැළණි  ඟගේ  දිය නෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ හංවැල්ල ප්‍රදේශයේම පදිංචි 19 හැවිරිදි තරුණියක් සහ 16 හැවිරිදි පිරිමි ළමයෙකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

දියේ ගිලූණු දෙදෙනාගේ දේහයන් ගොඩ ගැනීමේ කටයුතු නාවික හමුදාව, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකරමින් සිටින බව හංවැල්ල පොලීසිය සඳහන් කළා.