නයිජීරියාවේ මන්දපෝෂණය

Tuesday, 19 July 2016 - 9:00

%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%A2%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B4%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA
නයිජීරියාවේ බොකෝහරාම් පාලනය යටතේ පැවැති බෝනෝ ප්‍රාන්තයේ දෙලක්ෂ 50,000ක් පමණ ළමයින් දැඩි මන්දපෝෂණයෙන් පෙළෙන බව යුනිසෙෆ් ආයතනය පවසනවා.

ඔවුන්ට කඩිනම් ප්‍රතිකාර නොලැබුණහොත් දස දහස් ගණන් ළමයි මිය යනු ඇති බවටයි එමගින් අනතුරු අගවා ඇත්තේ.

මෙම ප්‍රදේශ සහන සේවා කටයුතු සඳහා මෑතකදී විවෘත වීමත් සමග මෙම තොරතුරු අනාවරණ වී තිබෙනවා.

යුනිසෙෆ් ආයතනයේ බටහිර සහ මධ්‍යම අප්‍රිකානු කලාපීය අධ්‍යක්ෂ මැනිවෙල් ෆොන්ටේන් ප්‍රකාශ කළේ කඩිනම් ප්‍රතිකාර සිදුනොකළහොත් මෙහි දිනකට සාමාන්‍යයෙන් ළමයින් 134 දෙනෙකු පමණ මිය යා හැකි බවයි.