ලංගම බස් ගාස්තුවත් ඉහලට

Tuesday, 19 July 2016 - 10:10

%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
අගෝස්තු 1 වන දා සිට ශ්‍රී ලංගම බස් ගාස්තු ද සියයට 6කින් වැඩි වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 9ක් වනු ඇති බවයි.

මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරයා මෙම බව සදහන් කළේ.