රුපියල් කෝටි 16ක විදේශ මුදල් සමඟ තුන්දෙනෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

Tuesday, 19 July 2016 - 11:22

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+16%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%85%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රුපියල් කෝටි 16.6ක් වටිනා විදේශ මුදල් තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙකු කටුනායක ගුවන් තොටුපළේදී අද අලූයම අත්අඩංගුවට ගැණුනා.

කාන්තාවන් දෙදෙනෙකු ද ඒ අතර සිටින බවයි රේගු ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

 මොවුන් කටාර් ගුවන් සේවයට අයත් යානාවකින් ඩුබායි බලා පිටත්ව යාමට පැමිණ තිබෙනවා.

එහිදී රේගුවට ලැබුණු තොරතුරකට අනුව එක් කාන්තාවකගේ ගමන් මල්ල හදිසි පරීක්ෂාවකට ලක් කළා.

එහි අමතර මළු දෙකක තිබී අදාළ විදේශ මුදල් තොගය සොයා ගැනුණු බවයි රේගු ප්‍රකාශකයා සදහන් කළේ.

42 හැවිරිදි එම කාන්තාව කළුතර ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට මේ වන විට කරුණු අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් විදේශීය මුදල් අතර ඇමරිකානු ඩොලර්, යුරෝ, ස්විස් ෆෑන්ක් මෙන්ම මැදපෙරදිග මුදල් වර්ග රැසක් ද රේගු භාරයට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් නිරන්තරයෙන් විදේශගත වන පුද්ගලයින් බවට හඳුනාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රේගුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.