බන්ධනාගාර රැදවියෙකුගේ සිරුරෙන්, මත්කුඩු පැකට් 100ක් සොයා ගැනේ

Tuesday, 19 July 2016 - 12:51

%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+100%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
බන්ධනාගාර රැදවියෙකුගේ ගුද මාර්ගයේ තිබී කුඩු පැකට් 100ක් සොයාගෙන තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ටී.එන්. උපුල්දෙනිය හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ කේරළ ගංජා ග්‍රෑම් 29ක් ද ඒ අතර තිබූ බවයි.

පසුගිය 17 වන දා මොහු මත්ද්‍රව්‍ය සිද්ධියක් සම්බන්ධයෙන් මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එම අවස්ථාවේදී 24 හැවිරිදි අදාළ පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

ඒ අනුව සැකකරු වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ගිය අවස්ථාවේදී ඔහුව පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත ඔහු වෛද්‍ය පරීක්ෂාවට යොමු කර ඇති අතර එම අවස්ථාවේදීියි ඔහුගේ ගුද මාර්ගයේ තිබී මෙම මත්කුඩු තොගය සොයාගෙන ඇත්තේ.

සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.