බැසිල් රෝහලට

Tuesday, 19 July 2016 - 17:48

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අද පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ බන්ධනාගාර වෛද්‍යවරයාගේ උපදෙස් අනුව හිටපු අමාත්‍යවරයා ජාතික රෝහල වෙත යොමු කිරීමට පියවර ගත් බවයි.

මේ වනවිට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ  කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක 15 ට ඇතුළත් කර ඇති බව එහි ප්‍රකාශිකාවක සඳහන් කළා.

ඔහු අත්අඩංගුවට ගෙන ලබන පළමුවනදා දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ දිවිනැගුම අරමුදල් සාවද්‍ය පරිහරණයට ලක් කිරීමේ චෝදනාව මතයි.