බැසිල් තවමත් 15වේ වාට්ටුවේ

Wednesday, 20 July 2016 - 7:39

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+15%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A
වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඊයේ පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ වනවිට එහි වාට්ටු අංක 15 වේ ප්‍රතිකාර ලබනවා.  

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඔහු බන්ධනාගාර වෛද්‍යවරයාගේ උපදෙස් අනුව ජාතික රෝහලට යොමු කිරීමට පියවර ගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

ජාතික රෝහලේ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ රෝග කිහිපයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙලෙස රෝහල්ගත කර ඇති බවයි.

කෙසේ වෙතත්, බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ලබන පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ දිවිනැගුම අරමුදල් සාවද්‍ය පරිහරණයට ලක් කිරීමේ චෝදනාව මතයි.