හකීම්ට එරෙහිව අලුත් බලවේගයක්

Wednesday, 20 July 2016 - 9:03

%E0%B7%84%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
16 වසරක් පුරා නැගෙනහිර ජනතාවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් කිසිදු යහපතක් සිදු නොවූ බව නැගෙනහිර උදානය සංවිධානය පවසනවා.

සිය නව සංවිධානය පිහිටුවාගැනීම නිමිත්තෙන් කල්මුණේ ප්‍රදේශයේ ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමිනුයි එම සංවිධානය මේ බව කියා සිටියේ.

තමන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයන් ලෙස කටයුතු කළ ද, තම පක්ෂයේ නායක රවුෆ් හකීම් නැගෙනහිර පළාතේ හෝ දිවයිනේ කිසිදු ප්‍රදේශයක මුස්ලිම් ජනතාවගේ ගැටළු විසඳීමට ක්‍රියා කර නොමැති බවයි මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එම සංවිධානයේ ක්‍රියාකාරී සාමාජික අසූර් සේගු ඉසදීන් ප්‍රකාශ කළේ.