යාපනයේදී කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Wednesday, 20 July 2016 - 9:11

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
යාපනය - ඉලවාලෙයි - කුසුමන්තුරෙයි වෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝ 55ක් සමඟ සැකකරුවෙකු අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුහුදු මාර්ගයෙන් රැගෙන විත් ගොඩබාමින් සිටියදී මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉලවාලෙයි පොලීසිය සදහන් කළේ.

රුපියල් කෝටියක් පමණ වටිනා මෙම කේරළ ගංජා තොගය ඉන්දියාවෙන් මෙරටට රැගෙන එන්නට ඇති බවට පොලීසිය සැක කරනවා.

සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා මල්ලාකම් අධිකරණයෙන් අවසර ලබා ගැනීමට නියමිතයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මීට පෙර අවස්ථා කිහිපයකදී යාපනය ප්‍රදේශයෙන් කේරළ ගංජා අත්අඩංගුවට ගැනීම් වාර්තා වුණා.

මේ අතර, තමන්ව ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය බන්ධනාගාර රැදවූවන් පිරිසක් ආරම්භ කළ ආහාර වර්ජනය අද දිනයේ දී ද  ක්‍රියාත්මකයි.

වර්ජනය සඳහා රැදවූවන් 18 දෙනෙකු මේ වන විට එක්ව සිටිනවා.

මෙලෙස වර්ජනයේ නිරත වන්නේ ගංජා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව බන්ධනාගාර ගතවූ රැදවූවන් පිරිසක්.