දිවයින වටා මුහුද රළු වේ

Wednesday, 20 July 2016 - 9:37

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B7%80%E0%B6%A7%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF+%E0%B6%BB%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%9A
දිවයින වටා මුහුදු ප්‍රදේශය අද දිනයේ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 60ක් දක්වා වැඩි විය හැකි අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශයේ සුළං වේගය පැයට කිලෝමීටර් 50 ඉක්ම විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එමෙන්ම දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලට අද පස්වරුවේ වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.