අලව්ව රෝහල ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Wednesday, 20 July 2016 - 11:57

%E0%B6%85%E0%B6%BD%E0%B7%80%E0%B7%8A%E0%B7%80+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
අලව්ව රෝහල ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රී රෝහල ඉදිරිපිට නවතා තිබූ වෑන් රථයක, යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණේ යතුරුපැදිය පැදවූ පුද්ගලයායි.

යතුරුපැදිකරුට එය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අලව්ව මඩවල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය කියා සිටියා.