කැසිනෝ ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ඉඩක් නැහැ

Wednesday, 20 July 2016 - 13:27

%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%9D+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%89%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
කැසිනෝ  සඳහා කිසිදු ආයෝජකයෙකුට ශ්‍රී ලංකාව තුළ ඉඩ ලබා නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. 

රට සංවර්ධනය සඳහා කැසිනෝ ව්‍යාපාර උපකාරී කර ගැනීම යහපාලන රජයේ ප්‍රතිපත්තිය නොවන බවයි ඔහු අවධාරණය කළේ. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව කියා සිටියේ සිංගප්පුරුවේ ජාත්‍යන්තර ව්‍යවසාය සංවිධානයේ මෙහෙයවීමෙන් ෂැන්ග්‍රිලා හෝටලයේ ඊයේ පැවැති ව්‍යාපාරික හමුවේදී නැගුණු පැණයකට පිළිතුරු ලෙසයි. 

අනාගත ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට දිරිදෙන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එක් ව්‍යාපාරිකයෙකු අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියේ පසුගිය රජය කැසිනෝ ව්‍යාපාර ඇරඹීම සඳහා සුප්‍රකට ව්‍යාපාරිකයන්ට අවස්ථාව සැලසීමට ක්‍රියා කළ අයුරින් වත්මන් රජය ද කැසිනෝ ව්‍යාපාර දිරිමත් කරන්නේ ද යන්නයි. 

ඊට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ කිසිදු ආයෝජකයෙකුට අලුතින් කැසිනෝ ව්‍යාපාර ඇරඹීමට ශ්‍රී ලංකාව තුළ ඉඩ ලබාදී නොමැති බවයි.

මෙම හමුවට එක්වූ සිංගප්පූරු වෙළඳ සහ කර්මාන්ත අමාත්‍ය එස්. ඊස්වරන් කියා සිටියේ විශ්වාසයෙන් යුතුව ආයෝජනය කිරීමේ පරිසරයක් දැන් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වෙමින් පවතින බවයි. එම අවකාශයෙන් ප්‍රයෝජනය ගැනීම උදෙසා මෙරට ආයෝජනය කිරීමට එක්වන ව්‍යාපාරිකයන්ට සිංගප්පුරු රජය සහාය ලබාදෙන බව ද ඔහු සදහන් කළා.  

මේ අතර, සිය තුන්දින සිංගප්පූරු නිළ සංචාරය නිමවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ¥ත පිරිස ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.