අධිකරණයට භාර වූ යාපනය සරසවි සිසුවෙකුට ඇප (ඡායාරූප)

Wednesday, 20 July 2016 - 13:42

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%96+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
යාපනය සරසවියේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අධිකරණයට භාර වූ එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ටී.ශෂිදරන් අද (20) ඇප මත මුදා හැරුණා.

මෙහිදී යාපනය මහේස්ත්‍රාත් සින්නතුරෙයි සදේශ්වරන් සැකකාර සිසුවා රුපියල් ලක්ෂ 2 ක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියෝග කළේ.

ඔහු අධිකරණයට භාර වුණේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එම්.ඒ සුමන්දිරන් මාර්ගයෙන්.

මේ අතර, ගැටුමත් සමග තාවකාලිකව වසා දැමුණු යාපනය සරසවියේ ඉංජිනේරු, කෘෂි, වෛද්‍ය පීඨ අද යළි අධ්‍යයන කටයුතු සදහා විවෘත කෙරුණා.

විශ්වවිද්‍යාලය අවට ආරක්ෂාව  තර කර තිබූ අතර, සිසුන්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක පැවති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

මේ අතර, පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහල වෙත පැමිණියේ ගැටුමෙන් තුවාල ලබා එහි ප්‍රතිකාර ලබන සිසුවාගේ සුවදුක් විමසීම සදහායි.

ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමාජවාදී තරුණ සංගමය ද අද මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම සිද්ධිය පිළිබදව අදහස් පළ කළා.

ඔවුන් කියා සිටියේ උතුරේ කණ්ඩායම් මෙම සිද්ධිය මතින් හෝ සංහිදියාව ගැන කතා කිරීම සුබවාදී දෙයක් බවයි.

යාපනය සරසවියේ ඇති වූ ගැටුම සංහිදියා ප්‍රතිපත්තියට බාධාවක් වූ බවයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ අද සදහන් කළේ.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය පිළිබදව විශ්වවිද්‍යාලය මගින් මෙන්ම, පොලිසිය මගින් ද පරීක්ෂණයක් සිදුකරන බව ප්‍රකාශ කළ, ආණ්ඩුකාරවරයා වගකිව යුත්තන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි සදහන් කළා.                       

මේ අතර, නවකවද සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 8 දෙනාට ඇප ලබාදීම ගම්පහ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති අද ප්‍රතික්ෂේප කළා.

ඒ නඩුවට පෙනී සිටීම සදහා රජයේ නීතිඥවරිය අධිකරණයට නොපැමිණීම හේතුවෙන්.

ඒ අනුව ඇප ඉල්ලීම සලකා බැලීම අගෝස්තු පළවනදා සිදුකරන බවයි විනිසුරුවරිය ප්‍රකාශ කළේ.






ඡායාරූප - වන්නි රොමේෂ් මදුෂංක