Update : යුවලක් නුවර වැවට පනී

Wednesday, 20 July 2016 - 13:44

Update+%3A+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93
මහනුවර - ශ්‍රී දළදා මාලිගාවේ - උල්පැන්ගෙය අසලදී තරුණයෙකු සහ තරුණියක වැවට පැන දිවි නසා ගැනීමට තැත් කර තිබෙනවා.

ඔවුන් මේ වනවිට මහනුවර මහරෝහලේ ප්‍රතිකාර ලබන බව සදහන්.

තරුණයාගේ වයස අවුරුදු 23 ක් වන අතර, තරුණියගේ වයස අවුරුදු 19 ක්. මෙම යුවල මතුරට සහ පුපුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සදහන් කළේ.

ඔවුන් ඊයේ වැවට වැටී ඇති බව වාර්තා වුවත්, එය තහවුරු කර ගැනීමට නොහැකි වුණේ දෙදෙනා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවීම හේතුවෙන්.

කෙසේ වෙතත්, අද ඔවුන් යම් තරමකින් සුවය ලබා ඇති අතර, තමන් වැවට පැන සිය දිවි නසා ගැනීමට තැත් කළ බව පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.


wednesday,20 July 2016 - 13.44
-----------------------------------------------------------------------

මහනුවර - ශ්‍රී දළදා මාළිගාවේ උල්පැන්ගෙය අසළ දී තරුණයෙකු සහ තරුණියක් වැවට වැටීම නිසා මහනුවර මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.

අවුරුදු 23 සහ 19 යන වයස්වල පසුවන මොවුන් මතුරට සහ පුපුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සදහන් කළේ.

මොවුන් වැවට වැටුණා ද එසේ නොමැති නම් එයට පැන දිවි නසා ගැනීමට උත්සාහ කළා ද යන්න පිළිබදව තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.