අනුර සේනානායක යළි රිමාන්ඩ්

Wednesday, 20 July 2016 - 13:48

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින බස්නාහිර පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික ලබන මස 3 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, මොවුන් අද පෙරවරුවේ  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

මෙම ඝාතනයට අදාළව තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත එවකට නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරා පසුගිය අප්‍රේල් මස 20 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත්තා.  

එම පරීක්ෂණයේ තවත් පියවරක් ලෙස බස්නාහිර පළාත් භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අත්අඩංගුවට ගත්තේ අප්‍රේල් මස 23 වනදා යි.