රිය අනතුරකින් එක් අයෙකු මරුට. - තවත් අයෙකුට බරපතලයි (ඡායාරූප)

Thursday, 21 July 2016 - 7:56

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.+-+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ අද අළුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ගාල්ල ප්‍රදේශයේ දේවාලයක උත්සවයකට පැමිණි පිරිසක් රැගත් බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූයේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයෙකු බවයි පොලීසිය සදහන් කළේ.

ඔහු අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බස් රථයේ රියදුරු ගාල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



ඡායාරූප (රොෂාන්  පියතිලක)