තුර්කියේ හදිසි තත්ත්වයක්

Thursday, 21 July 2016 - 8:01

%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තුර්කිය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පසුගිය දා ඇති වූ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව එරට ජනාධිපති Recep Arḍavan මෙම හදිසි තත්ත්වයට ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධවූ ආරක්ෂක අංශ සාමාජිකයන් දස දහසකට වැඩි සංඛ්‍යාවක් මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊට සම්බන්ධවූවන් තවදුරටත් සැඟව සිටී නම් ඔවුන් සොයා මෙහෙයුම් සිදුකිරීම මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණ බවයි වාර්තා වන්නේ.

මේ අතර, හමුදා කුමන්ත්‍රණයෙන් පසු ඊට සම්බන්ධ රාජ්‍ය සේවයේ නිරත රාජ්‍ය සේවයේ නිරත පිරිස්, ගුරුවරුන්, විශ්විද්‍යාල ආචාර්යවරුන් සහ මාධ්‍යවේදීන් 45,000ක් පමණ අත්අඩංගුවට ගෙන හෝ සේවයෙන් නෙරපා ඇති බව ද වාර්තා වුණා.

ප්‍රකාශයට පත් කර ඇති හදිසි තත්ත්වයක් සමඟ තුර්කියේ පාසල් 600කට අධික සංඛ්‍යාවක් වසා දමා ඇති බව සදහන්.