ආහාර විෂ වී කහටගස්දිගිලියේදී දැරියක මරුට

Thursday, 21 July 2016 - 8:11

%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%82+%E0%B7%80%E0%B7%93+%E0%B6%9A%E0%B7%84%E0%B6%A7%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අනුරාධපුර - කහටගස්දිගිලිය - ඊතලවැටුණු වැව ප්‍රදේශයේදී ආහාර විෂවීමකින් අවුරුදු 6ක් වයසැති දැරියක් මිය ගොස් තවත් 3 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මහපොතාන - ඊතලවැටුණුවැව ප්‍රදේශයේ දැරියක්. මිය ගිය දැරිය සහ අනෙක් ළමයින් තුන්දෙනා නෙලූම් ඇට, බිස්කට් සහ පැණි බීම ආහාරයට ගැනීමෙන් පසුවයි අසනීප තත්ත්වයක් හේතුවෙන් කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කෙරුණේ.

පසුව වයස අවුරුදු 6ක් වන නවාස්ගේ මහීසා දැරිය මිය ගිය අතර අනෙක් තුන්දෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහරෝලට මාරු කර යැවුණා.

ඊයේ මෙලෙස ආහාර විෂවීමෙන් රෝහල්ගත කෙරුණේ අවුරුදු 11, 16 සහ 17 යන වයස්සීමා වල පසුවන දැරියන් තුන්දෙනෙක්.