බෝට්ටුවක තිබී මළ සිරුරු 22ක් හමුවෙයි

Thursday, 21 July 2016 - 9:12

%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+22%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලිබියාව ආසන්නයේ මධ්‍යධරණී මුහුදේ බෝට්ටුවක තිබී මළ සිරුරු 22ක් සොයාගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මිය ගිය අයගෙන් 21 දෙනෙකුම කාන්තාවන් බවයි.  

මොවුන් බටහිර අප්‍රිකානු රටවල සිට පැමිණි සංක්‍රමණිකයන් බවට අනාවරණ වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මිය ගිය පුද්ගලයන් සොයා ගන්නා විට ඔවුන් මෙම බෝට්ටුවේ තෙල් සහිත ස්ථානයක වැටී සිට ඇති බවයි.

ජලය සමඟ ඉන්ධන මිශ්‍ර වීම නිසා සැකසුණු විෂ වායුවක් ආඝ්‍රාහණය වීමෙන් මොවුන් මිය ගොස් ඇති බවට පරීක්ෂණවල නිරත කණ්ඩායම් සැක පළ කරනවා.

මේ අතර, මීට දින දෙකකට පෙර ඉතාලිය ආසන්න මුහුදේදී සංක්‍රමණිකයන් 2000කට අධික සංඛ්‍යාවක් බේරා ගැනුණු බවයි විදෙස් වාර්තා සදහන් කළේ.