මිනුවන්ගොඩ දී ඝාතනයක්

Thursday, 21 July 2016 - 11:01

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%AF%E0%B7%93++%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මිනුවන්ගොඩ නගරයේ ආපන ශාලාවක් තුළ දී අද අලූයම පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ආපන ශාලාවේ සේවය කරන සේවකයන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 32ක් වයසැති තරුණයෙක්.

මොහුගේ මෘත ශරීරය ගම්පහ මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පිහි ඇනුම සිදුකළ පුද්ගලයා ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.