පොලිස් අණ නොතකා ධාවනය වූ ලොරියකට මහනුවරදී වෙඩි

Thursday, 21 July 2016 - 15:02

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%AB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92
පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසිය ඊයේ රාත්‍රියේදී මහනුවර - පන්විල ප්‍රදේශයේදී වෙඩි තබා තිබෙනවා.

පොලිසිය සදහන් කළේ ලොරි රථය නතර කරන ලෙසට අවස්ථා කිහිපයකදී දැනුම් දුන්න ද එය නොතකා ධාවනය කිරීමත් සමග වෙඩි තැබීමට පියවර ගත් බවයි.

පසුව එය ධාවනය කළ රියදුරු රථය නවතා එම ස්ථානයෙන් පලාගොස් තිබෙනවා.

අනතුරුව ලොරි රථය පරීක්ෂා කිරීමේදී එහි නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කළ මී ගවයන් 5 දෙනෙකු සහ එළගවයන් 10 දෙනෙකු සිටි බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.