තවත් වෙඩි තැබීමක්

Friday, 22 July 2016 - 7:11

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ගල්කිස්ස ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

රාත්‍රී 9ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ මැදිවියේ පුද්ගලයෙක්.

ප්‍රහාරයට පැමිණි කණ්ඩායම කිසියම් පාතාල කල්ලියකට අයත්දැයි පොලිසිය මේ වනවිට පරීක්ෂණ පවත්වනවා.

මියගිය පුද්ගලයාගේ සිරුර කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.