ඩොනල්ඩ් ට්‍රම්ප් අද ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිගනී

Friday, 22 July 2016 - 7:57

%E0%B6%A9%E0%B7%9C%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ඇමරිකානු  රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමා ඉදිරිපත් කිරීමට පක්ෂ සම්මේලනය ගෙන ඇති තීරණය ඩොනල්ඩ් ට්‍රම්ප් අද පිළිගැනීමට නියමිතයි.

මතභේදකාරි ප්‍රකාශ හේතුවෙන් විවේචන එල්ල වූ 70 හැවිරිදි ට්‍රම්ප් කියා සිටින්නේ ඇමරිකාවේ හඩක් අහිමි වූ ජනතා වෙනුවෙන් තමා හඩ නැගීමට සූදානම් බවයි.

ඇමරිකා එක්සත් ජනපදය නැවත සුරක්ෂිත සහ සශ්‍රික රටක් බවට පත් කරන බව ඔහු අද ඉදිරිපත් කරන ප්‍රකාශයට ඇතුළත් වනු ඇති.

පක්ෂයේ එකමුතු බව රැක ගැනීමට ද ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රකාශයේදී උත්සාහ කරනු ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.