නිරිත දිග සහ කදුකරයේ අදත් තද සුළං

Friday, 22 July 2016 - 8:03

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82
දිවයිනේ නිරිත දිග සහ කඳුකර ප්‍රදේශවල අද දිනයේ තද සුළං බලාපොරොත්තු විය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පුත්තලමේ සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළෙඟේ වේගය ද පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකියි.

එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ සදහන් කළේ.