සෞදියේද ඉන්න ඇමරිකානුවන්ට අනතුරු ඇගවීමක්

Friday, 22 July 2016 - 10:00

%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
සෞදි අරාබියේ ජෙඩා වරාය නගරයේ සිටින සිය පුරවැසියන් ත්‍රස්තවාදී ප්‍රහාරවලට ගොදුරු වීමේ අවදානමකට මුහුණදෙන බවට ඇමරිකාව ඊයේ අනතුරු ඇගවීමක් කළා.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ජෙඩා නුවර වෙළදපොල, අවන්හල් සහ සාප්පු සංකීර්ණ වැනි බටහිර වැසියන් වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශ මෙම අවදානමට ලක්ව ඇති බවයි.

එවැනි ස්ථානවලට ප්‍රහාර එල්ල විය හැකි බවට සැලකිය යුතු තොරතුරු සිය තානාපති අංශ වෙත ලැබී ඇති බවයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

රතු මුහුදට මුහුණලා පිහිටි ජෙඩා නුවර ඇතුළු සෞදි අරාබියේ නගර 3 ක මේ මස මුලදී බෝම්බ පිපිරීම් වාර්තා වූ අතර, ඒ පිළිබද සැකය යොමුවූයේ අයි එස් සංවිධානයටයි.