පසුගිය ජනාධිපතිවරණ සමයේ ප්‍රචාරක ලිත් මුද්‍රණයට සම්බන්ධ නඩුව දෙසැම්බර් 7 දක්වා කල් යයි

Friday, 22 July 2016 - 11:04

%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+7+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පසුගිය ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ රුපියල් දෙකෝටි අනූහතර ලක්ෂයක් වැය කරමින් හිටපු ජනාධිපතිවරයාගේ මුහුණ සහිත ලිත් මුද්‍රණය කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද කොළඹ මහාධිකරණයේදී කැඳවනු ලැබුවා.

අද දිනයේදී නඩුව සඳහා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අමිත කිත්සිරි රණවක පැමිණ සිටියේ නැහැ.

ඔවුන්ගේ නීතිඥයින් අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයන් දෙදෙනා මේ වනවිට වෙනත් නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව ඇති බවයි.

ඒ අනුව, කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ලබන දෙසැම්බර් මස 07 වනදා දක්වා අදාළ නඩුව කල් තැබීමට නියෝග කළා.