ශ්‍රී ලාංකිකයන්ට මැලේසියානු වතු ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා 5000 ක්

Friday, 22 July 2016 - 13:09

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+5000+%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලාංකික වෘත්තීකයන්ට සහ පුහුණු ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා රැසක් සැලසීමට මැලේසියාව එකගත්වය පළ කර තිබෙනවා.

ඒ පිළිබද ගිවිසුම මේ වසර අගදී අත්සන් තැබීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

දෙදින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින මැලේසියානු උප අග්‍රාමාත්‍ය අහමඩ් සහීඩ් හමීඩි ජනාධිපති කාර්යාලයේ දී ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවූ අවස්ථාවේ මේ පිළිබද සාකච්ඡා කර තිබෙනවා.

 දෙරට අතර සබදතා තවදුරටත් පුළුල් කිරීම පිලිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර ජනාධිපතිවරයාට ආරාධනා කරනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළේ.  

මැලේසියාවේ වතු වැවිලි ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා 5000 ක් සදහා ශ්‍රී ලාංකිකයන් බදවා ගැනීමට අදහස් කරන බව එරට උප අග්‍රාමාත්‍යවරයා මෙරට බලධාරින්ට දැනුම්දී ඇති බව මැලේසියාවේ ද ස්ටාර් පුවත්පත සදහන් කළා.

ඒ සදහා පවතින නීතිමය රාමුව අධ්‍යයනය කිරීමෙන් පසු ශ්‍රී ලාංකික සේවකයන් මැලේසියානු වතු වැවිලි ක්ෂේත්‍රය සදහා බදවා ගැනෙනු ඇති.

ඔවුන්ට මැලේසියානු සමාජ, සංස්කෘතික, පසුබිම පිළිබදව පුහුණුවක් ලබාදීමට ද අදහස් කරන බවයි එරට උප අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

දැනට ශ්‍රී ලාංකිකයන් 6500 ක් පමණ මැලේසියාවේ නිෂ්පාදන, සේවා සහ ගෘහ සේවා අංශවල සේවයේ නිරතව සිටිනවා.

එරට උසස් අධ්‍යාපනයේ නිරත ශ්‍රී ලාංකික සිසුන්ගේ සංඛ්‍යාව 1200 කට අධිකයි.

එම සිසුන්ට දීර්ඝ කාලීන වීසා බලපත් ලබාදීම පිළිබදව ද මැලේසියානු උප අග්‍රාමාත්‍යවරයා මෙරට බලධාරින් සමග සාකච්ඡා කර තිබෙනවා.

මැලේසියාවේ බන්ධනාගාර ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට පිටුවහල් කිරීම පිළිබදව ද මැලේසියානු උප අග්‍රාමාත්‍ය අහමඩ් සහීඩ් හමීඩි සාකච්ඡා කර තිබෙනවා.

මැලේසියානු බන්ධනාගාරවල ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු සිරගතව සිටින අතර, රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සංඛ්‍යාව 12 ක්.

එම ශ්‍රී ලාංකිකයන් 50 දෙනාම ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම නිසා බන්ධනාගාර ගත වූ අයයි.

ඔවුන් ශ්‍රී ලංකාව වෙත පිටුවහල් කිරීම පිළිබදවයි අවධානය යොමුවී ඇත්තේ.

කෙසේ නමුත්, මත්ද්‍රව්‍ය චෝදනා යටතේ තවත් ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙකු මැලේසියාවේ බන්ධනාගාර ගතව සිටින අතර, තවත් දෙදෙනෙකු එම වැරදි යටතේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා.  

මැලේසියානු උප අග්‍රාමාත්‍ය අහමඩ් සහීඩ් හමීඩි අද උදෑසන අරලියගහ මන්දිරයේදී  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද මුණ ගැසුණා.

එහිදී ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සදහා මැලේසියානු දායකත්වය පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

මෙරට ක්‍රියාත්මක මැලේසියානු ආයෝජන ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙන්ම දිවයිනේ මාර්ග සංවර්ධනය සදහා මැලේසියානු සහභාගිත්වය ලබාගැනීම පිළිබදව ද සාකච්ඡාවලදී අවධානය යොමුව ඇති බව සදහන්.