විදුහල්පතිවරයාට එරෙහිව අම්බලන්ගොඩ දේවානන්ද පාසලේ දෙමව්පියන් විරෝධතාවක

Friday, 22 July 2016 - 13:11

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
ශ්‍රේණිධාරි නව විදුහල්පතිවරුන් 3856 දෙනෙකු මෙතෙක් ස්ථානගත නොකිරීමට එරෙහිව ලංකා ගුරු සංගමය මේ වනවිට කොළඹදී විරෝධතාවක නිරත වනවා.

ඔවුන් විහාර මහාදේවි උද්‍යානය අසලින් අද (22) උදෑසන පාගමනක් ආරම්භ කළ අතර,  මේ වනවිට ඔවුන් අරලියගහ මන්දිරය ආසන්නට පැමිණ තිබෙනවා.

මෙම විරෝධතාවය නිසා කොළඹ මල් පාරේ රථවාහන තදබදයක් පවතින බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

විරෝධතාවය අතරතුර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස්  දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් සදහන් කළේ ශ්‍රේණිධරි නව විදුහල්පතිවරුන් ස්ථිර නොකර වැඩබලන විදුහල්පතිවරුන් ස්ථිර කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.

මේ අතර, ගාල්ල  - අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ විදුහල්පතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා එහි ඉගෙනුමන ලබන සිසුන්ගේ දෙමව්පියන් සහ ආදි ශිෂ්‍යයින් අද උදෑසන නිහඩ විරෝධතාවයක නිරත වුණා.

විදුහල්පතිවරයා පාසල තුළ මුල්‍ය වංචා සිදුකරමින් සහ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීමේදී අල්ලස් ලබා ගන්නා බවටයි ඔවුන් චෝදනා කරන්නේ.