හිටපු ආගමන විගමන පාලකට ලක්ෂ 66 ක දඩයක්

Friday, 22 July 2016 - 13:36

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+66+%E0%B6%9A+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
1994 - 1995 කාලසීමාව තුළ සිය වත්කම් හෙළිදරව් කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් හිටපු ආගමන විගමන පාලක ජේ.ඒ. ආරියසේනට කොළඹ මහාධිකරණය අද රුපියල් ලක්ෂ 66 ක දඩයක් නියම කළා.

දඩ මුදල නොගෙවන්නේ නම් මාස 18 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් ද නියම කළ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන එය වසර 10 කට අත්හිටුවනු ලැබුවා.

වත්කම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආගමන විගමන පාලකවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මගින්.