ඉන්දියාවේ ප්‍රගතිය අසල්වැසියන් සමගයි - අගමැති මෝදි කියයි

Friday, 22 July 2016 - 13:43

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ සංවර්ධනය එහි අසල්වැසියන් හා සම්බන්ධ බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා.

ඒ බංග්ලාදේශ අගමැති ෂෙයික් හසීනා සමග නවදිල්ලියේදී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුවයි.

නායකයන් දෙදෙනා බංග්ලාදේශයේ ඉදිකළ විශාලතම ගොඩබිම් තොටුපල විවෘත කිරීමට ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වුණා.

ඉන්දියාවේ මූල්‍යාධාරයෙන් සංවර්ධනය කෙරුණු මෙම ගොඩබිම් තොටුපල හරහා දෙරට අතර වෙළද කටයුතුවලින් සියයට 50 ක්ම සිදුවීම විශේෂත්වයක්.

වසරක් තුළ ඒ හරහා පුද්ගලයන් පහලොස් ලක්ෂයක් සහ ට්‍රක් රථ ලක්ෂ  එකහමාරක් හුවමාරු වන බවයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දුන්නේ.