තවත් ගුවන්යානයක් අතුරුදන් වෙයි

Friday, 22 July 2016 - 14:20

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පුද්ගලයින් 29 දෙනෙකු රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයක් බෙංගාල බොක්කට ආසන්න මුහුදේදී අතුරුදන් වී ඇති බව ඉන්දීය වාර්තා පවසනවා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ ත්‍රිවේන්ද්‍රම් සිට බාලි දූපත් දක්වා ගමන් කරමින් තිබූ ගුවන් යානයක්.

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් යානය අනතුරට ලක්වන්නට ඇතැයි සැක කෙරෙනවා.

මේ වනවිටත් ඉන්දීය නාවික හමුදා යාත්‍රා අදාළ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව සඳහන්.