හෙට කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම පැය 12 ක් අත්හිටුවයි

Friday, 22 July 2016 - 16:00

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+12+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
අත්‍යවශ්‍ය සේවා කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක හෙට දහවල් 12 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශය, බත්තරමුල්ල, කොස්වත්ත, කලපළුවාව, තලවතුගොඩ, ජයවඩනගම, මාලඹේ, හෝකන්දර, මහරගම, බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශයට සහ කොළඹ 05 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

මීට අමතරව කොළඹ 06 සහ කොළඹ 08 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.