මිහින්තලේ දී වෑන් රියක ගැටුණු පාපැදිකරුවෙකු මියයයි

Friday, 22 July 2016 - 16:04

%E0%B6%B8%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඒ - 9 ප්‍රධාන මාර්ගයේ මිහින්තලේ - මරදන්කුලම 134 වන කිලෝමීටර් කණුව අසලදී වෑන් රථයක් පාපැදියක ගැටී අද උදෑසන සිදුවූ අනතුරකින් පාපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පාපැදියේ පසුපසින් පැමිණි වෑන් රථය පාපැදියේ ගැටී ඇති අතර, එහිදී තුවාල ලැබූ පාපැදිකරු මිහින්තලේ රෝහලට රැගෙන යන අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සදහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ මිහින්තලේ - මරදන්කුලම ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙක්.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරා මිහින්තලේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.