දරුවන් ඉලක්කකර තුවක්කුකරුවකුගේ වෙඩිතැබීමකින් ජර්මනිය සලිත වෙයි

Saturday, 23 July 2016 - 6:50

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%BD%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජර්මනියේ මියුනිච් නගරයේ සාප්පු සංකීර්ණයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

18 හැවිරිදි ඉරාන ජාතිකයකු මෙම වෙඩි තැබීම සිදුකළ බවටයි පසුව අනාවරණය වී ඇත්තේ.

වෙඩි තැබීම හේතුවෙන් තවත් පුද්ගලයන්  21දෙනෙකු රෝහල්ගත අකර ඇති අතර ඔවුන්ගෙන් තවත් තිදෙනෙකු බරපතල තත්වයේ පසුවන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ජර්මන් ආරක්ෂක අංශ සැක කරන්නේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවටයි.

තුවක්කුකරු විසින් කුඩා දරුවන් ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවටයි සැකපලකරන්නේ.

වෙඩි තැබූ පුද්ගලයා ද ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීමත් සමඟ මියුනිච් නගරයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී ඇති අතර, නගරය පුරා දැඩි සෝදිසි මෙහෙයුම් ද ක්‍රියාත්මකයි.

මේ අතර, ජර්මන් දේශසීමාවේ පිහිටි චෙක් ජනරජයේ ද ආරක්ෂාව තර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය 19 වන දා දකුණුදිග ජර්මනියේ දුම්රියක් තුළ දී ඇෆ්ගන් ජාතික සරණාගත තරුණයෙකු එල්ල කළ පොරෝ සහ පිහි ප්‍රහාරයකින් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලැබුවා.

පසුගිය මැයි මාසයේදී ද මුස්ලිම් තරුණයෙකු ජර්මනියේ මියුනිච් නගරය ආසන්නයේ දුම්රියපොළකදී පිහි ප්‍රහාරයක් එල්ල කළ අතර එහිදී එක් අයෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලැබූ බවයි විදෙස් වාර්තා සදහන් කළේ.