පාසල් ගිය සිසුවාගේ මළ සිරුර ළිඳක තිබී සොයාගනී

Saturday, 23 July 2016 - 9:28

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
වව්නියාව - මුන්ඩිමුරුප්පු ප්‍රදේශයේ  පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් නිවස අසළ ළිඳක තිබී සොයාගෙන තිබෙනවා.

තම දරුවා පාසල් අවසන් වී නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් දෙමව්පියන් විසින් වව්නියාව පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇති බව සදහන්.

පසුව කළ සෝදිසියකදීයි ඊයේ රාත්‍රියේ නිවස අසළ ළිඳක තිබී 8 හැවිරිදි මෙම පාසල් සිසුවාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය අද දිනයේ සිදුකිරීමට නියමිතයි.