සවන් දෙන්නේ ජනතා හඬට මිස සොරුන්ට නොවේ - අගමැති

Saturday, 23 July 2016 - 12:55

%E0%B7%83%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%84%E0%B6%AC%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B7%83+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
ජනතා හඬට මිස සොරුන්ට ඇහුම්කන් දීමට ආණ්ඩුව සූදානම් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට අද මහනුවරදී එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා ජනතාව සමඟ පාරට බැසීමට තමන් සූදානම් බවයි.