කොකේන් ජාවාරම ගැන සෙවීමට ඉන්ටර්පෝල් සහය

Saturday, 23 July 2016 - 13:02

%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA
කොකේන් ජාවාරම පිළිබඳ සෙවීමට ජාත්‍යන්තර පොලීසිය හෙවත් ඉන්ටර්පෝල් සහාය ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසන්නේ ඉදිරි දින කිහිපය තුළ අදාළ ඉල්ලීම ජාත්‍යන්තර පොලීසිය වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි.

මීට අමතරව මත්කුඩු ජාවාරමට එරෙහිව ඇමරිකාව ඇතුළු ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක වන බුද්ධි තොරතුුරු ඒකකවල සහයෝගය ද ලබා ගැනීමට බලාපොරොත්තු වන බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කළා.

පෑලියගොඩ - නුගේ පාරේ බහාලුම් පර්යන්තයක තිබූ කන්ටේනර් 8ක් පරීක්ෂා කිරීමේදී ඉන් දෙකක තිබී කොකේන් කිලෝග්‍රෑම් 301යි ග්‍රෑම් 235ක් සොයා ගනු ලැබුවා.

එහි වටිනාකම රුපියල් කෝටි 400 ඉක්ම වන බවයි පරීක්ෂණ කණ්ඩායම් සදහන් කළේ.

බ්‍රසීලයේ සිට පෘතුගාලය හරහා කොළඹ වරායට පැමිණි සීනි බහාලූම් රැගත් නෞකාවක මෙම කොකේන් තොගය මෙරටට ගෙනවිත් ඇති බවත්, පසුව හෙළි වුණා.

එමෙන්ම සීනි රැගත් නෞකාව ගෙන්වා තිබුණේ කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි සමාගමක් විසින්.

අත්අඩංගුවට ගත් මෙම කොකේන් ප්‍රමාණය සැලකෙන්නේ මෙරටදී වැටලීමකින් සොයාගත් විශාලතම කොකේන් තොගය මෙන්ම මෑත කාලයේ දකුණු ආසියාවේ එකවර කොකේන් හමුවූ අවස්ථාව ලෙසයි.

මෙම කොකේන් තොගය මෙරටට ගෙන්වීමට සම්බන්ධ දේශීය සහ විදේශීය පුද්ගලයන් කවුරුන් ද යන්න පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත විවිධ තොරතුරු  ලැබෙමින් පවතින බව සදහන්.

එමෙන්ම රේගුවෙන් කොකේන් තොගය නිදහස් වූයේ කෙසේ ද යන්න පිළිබදවත්, අවධානය යොමු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් කොකේන් තොගය ශ්‍රී ලංකාවේ සිට යළිත් කැනඩාව ඇතුළු රටවල් කිහිපයකට ගෙන යාමට සැලසුම් කර තිබූ බවට ද හෙළි වී ඇති බව සදහන්.

පසුගිය ජුලි මස 14 වන දා ද බ්‍රසීලයෙන් මෙරටට ගෙන්වා තිබූ සීනි බහාලූම් දෙකක සඟවා තිබූ කොකේන් කිලෝග්‍රෑම් 93ක් පොලිස් විශේෂ කාර්ය බලකායෙන් අත්අඩංගුවට ගත්තා.