ඇන්ජලා මර්කල්, ආරක්ෂක කවුන්සිලය කැදවයි

Saturday, 23 July 2016 - 13:09

%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92
මියුනිච් නුවර සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් එරට ආරක්ෂක කවුන්සිලය හදිසියේ කැඳවා තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මියුනිච් නුවර සාප්පු සංකීර්ණයකට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පුද්ගලයෙකු එල්ල කළ ප්‍රහාරයෙන් 9 දෙනෙකු මිය ගොස් තවත් 21 දෙනෙකු තුවාල ලැබුවා.

ජර්මනියේ ආරක්ෂක අංශ සැක පළ කරන්නේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවටයි.

කෙසේ වෙතත් වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගෙන තිබෙනවා.

අවුරුදු 18 ක් වයසැති මෙම තරුණයා ඉරාන - ජර්මානු සම්භවයක් සහිත පුද්ගලයෙකු ලෙසයි හදුනාගෙන ඇත්තේ.

වෙඩි තැබීමත් සමඟ මියුනිච් නගරයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී තිබුණද එය මේ වනවිට යථා තත්ත්වයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම සිද්ධියත් සමඟ ජර්මන් දේශ සීමාවේ පිහිටි චෙක් ජනරජයේද ආරක්ෂාව තහවුරු කර තිබෙනවා.

මෙම සිද්ධිය වාර්තාවීමත් සමඟ ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ තමන් ජර්මානු රජයට තවදුරටත් සහය පළ කරන බවයි.