ඇෆ්ගනිස්ථානයේදී පැහැරගත් ඉන්දියානු කතක් මුදා ගැනේ

Saturday, 23 July 2016 - 13:33

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
ඇෆ්ගනිස්ථානයේදී පැහැරගැනීමට ලක්වූ ඉන්දියානු රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරිනියක් මුදාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය ජූනි 9 වනදා ඇෆ්ගනිස්ථානයේ කාබූල් නුවර ඇය පදිංචිව සිටි නිවසේදි මෙම පැහැරගැනීම සිදුකර ඇති බව සඳහන්.

කෙසේ වුවත් ඇය මුදාගත් ආකාරය සම්බන්ධයෙන් හෝ පැහැරගත් කණ්ඩායම පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැහැ.

ජූඩිත් ඞීසූසා නැමති මෙම කාන්තාව මුදාගැනීම පිළිබඳව ට්විටර් පණිවුඩයක් තබමින් ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් පවසන්නේ මෙම මුදාගැනීමේ කටයුතු සාර්ථකව සිදුකළ බවයි.