80 කට මරු කැඳවූ ඇෆ්ගන් ප්‍රහාරයේ වගකීම I.S. භාරගනී

Sunday, 24 July 2016 - 8:29

80+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%96+%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+I.S.+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර විරෝධතා රැළියකට ඊයේ එල්ලවූ ප්‍රහාරය තමන් විසින් එල්ල කළ බව I.S. සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

ෂියා මුස්ලිම් සුළු ජන කොටසක් වන හසාරා ජන කොටස සංවිධාන කළ විරෝධතාවට එල්ලවූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 80 දෙනෙකු මියගොස් 230 දෙනෙකු තුවාල ලැබුවා.

තලේබාන් පාලන සමයේ සිට තමන් නොසැළකිල්ලට ලක්වන බවට චෝදනා එල්ල කරන හසාරාවරුන් මෙම විරෝධතාව  සංවිධාන කර තිබුණේ ප්‍රධාන විදුලි මාර්ගයක් තම ප්‍රදේශය මගහැර යාමට විරෝධය පළ කරමින්.

ප්‍රහාරය සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු යොදාගත් බව I.S. සංවිධානය ප්‍රකාශ කළා.

කෙසේ නමුත් මෙම ප්‍රහාරය ඇෆ්ගනිස්ථාන තලේබාන් සංවිධානය විසින් හෙළාදැක තිබෙනවා.