චීනයේ ගං වතුරින් 150 ක් මියයයි

Sunday, 24 July 2016 - 8:36

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%82+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+150+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
උතුරු සහ මධ්‍යම චීනයේ ජල ගැලීම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 150 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

හුබෙයි සහ හෙනාන් ප්‍රාන්තවල ඇතිවී තිබෙන මෙම ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් තවත් 111 දෙනෙකු අතුරුදන් වී ඇති අතර, නිවාස 53000 ක් පමණ විනාශ වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

ෂින්ගටි නගරයේ ජල ගැලීම්වලින් පුද්ගලයන් 25 දෙනෙකු මියගිය අතර, ජල ගැල්ම පිළිබඳව කළින් දැනුම්වත් කිරීමට අපොහොසත්වීම පිළිබද විරෝධය පළ කරමින් එහි ජනතාව උද්ඝෝෂණයකද නිරතවුණා.

ජල ගැලීම් හේතුවෙන් මෙම ප්‍රාන්ත දෙකේම සන්නිවේදන කටයුතු බිඳ වැටී ඇති අතර ප්‍රවාහන පද්ධතියද අඩාල වී තිබෙනවා.

මේ වසරේ ගිම්හාන සමයේ චීනයේ වර්ෂාපතනය සහ ජල ගැලීම් ඉහළ ගොස් ඇති අතර, හෙක්ටයාර මිලියන 1.5 ක ගොවි බිම් විනාශ වී ඇති බව සඳහන්.