සූර්යබල ගුවන් යානයේ ලෝක චාරිකාව අවසන් අදියරේ

Sunday, 24 July 2016 - 9:00

%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%B6%E0%B6%BD+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%9A
මුළුමනින්ම සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන සෝලා ඉම්පල්ස් ගුවන් යානය සිය ලෝක චාරිකාවේ අවසන් අදියර සඳහා ඊජිප්තුවෙන් නික්මී තිබෙනවා.

එහි ගමනාන්තය වන්නේ අබුඩාබි නුවරයි.

කෙසේ නමුත් මැදපෙරදිග උණුසුම් කාලගුණය නිසා සෝලා ඉම්පල්ස් යානය වැඩි කාලයක් ඉහළ අහසේ ගමන් කරනු ඇති.

සෝලා ඉම්පල්ස් යානය සිය ලෝක චාරිකාවේදී කිලෝමීටර් 30 000 ක් සම්පූර්ණ කරන අතර, එය මුළුමනින්ම ඉන්ධන භාවිතයෙන් තොර සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ගුවන් යානයක ප්‍රථම ලෝක චාරිකාවයි.

 පසුගිය මාර්තු 9 වනදා අබුඩාබියෙන් ලෝක චාරිකාව ඇරඹූ සෝලා ඉම්පල්ස් යානය 747 වර්ගයේ ජම්බෝ ජෙට් යානා දෙකක් තරම් විශාල වන අතර ටොන් 2.3 ක බරකින් යුක්තයි.