Update : මඩකලපු ත්‍රිපුද්ගල ඝාතනයේ සැකකරුත් අත්අඩංගුවට (ඡායාරූප)

Sunday, 24 July 2016 - 10:04

Update+%3A+%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මඩකලපු ත්‍රිපුද්ගල ඝාතනයේ සැකකරුත් අත්අඩංගුවට

මඩකලපුව - වෙල්ලාවේලි - කාකච්චිවට්ට ප්‍රදේශයේදී එකම පවුලේ තුන්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ එක් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ මෙම ඝාතනයට තවත් පුද්ගලයන් සම්බන්ධ වූයේ ද යන්න පිළිබද පරීක්ෂණ සිදුකරන බවයි.

එකම පවුලේ මව සහ දියණිය මෙන්ම සීයා ඝාතනය කර  තිබියදී සොයා ගත්තේ අද අලුයමයි.

ඝාතනය කිරීමෙන් පසුව මව සහ දියණියගේ සිරුරු නිවස අසල ළිදකට දමා තිබියදී සොයා ගෙන තිබුණා.

මියගිය කාන්තාවගේ පියා රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

පොලිසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ මියගිය කාන්තාවගේ සැමියා විසින් මෙම ඝාතන සිදුකර ඇති බවට චෝදනා එල්ල වන බවයි.  
කාලයක් තිස්සේ ඔවුන් අතර පවතින පවුල් ආරවුලක් මෙම ඝාතනවලට හේතුවී ඇති බව සදහන්. 



Update : Sunday, July 24, 2016 3.22
....................................................

මඩකලපුව - වෙල්ලාවේලි - කාකච්චිවට්ට ප්‍රදේශයේදී අද (24) අලූයම එකම පවුලේ තුන්දෙනෙකු ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සදහන් කළේ කාන්තාවක්, ඇගේ දියණිය සහ ඇගේ පියා මෙලෙස ඝාතනය කර ඇති බවයි.

ඝාතනය කළ කාන්තාවගේ සහ දියණියගේ සිරුරු නිවස  අසල ළිදකට දමා තිබියදී සොයා ගෙන තිබෙනවා.

මියගිය කාන්තාවගේ පියා රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

මියගොස් ඇති පුද්ගලයා 56 හැවිරිදි අයෙක් වන අතර ඔහුගේ දියණියගේ වයස අවුරුදු 24 ක්.

මියගිය කුඩා දැරියගේ වයස අවුරුදු 1 යි මාස 6 ක් බවයි පොලිසිය සඳහන් කලේ.

වෙල්ලාවේලි පොලිසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ මියගිය කාන්තාවගේ සැමියා විසින් මෙම ඝාතන සිදුකර ඇති බවට සැක පළ කරන බවයි.

කාලයක් තිස්සේ ඔවුන් අතර පවතින පවුල් ආරවුලක් මෙම ඝාතනවලට හේතුවී ඇති බව සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගිය තුන්දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.




ඡායාරූප - අම්පාර වසන්ත චන්ද්‍රපාල