ඇමරිකාවේ ලැව්ගිනි තවදුරටත් පැතිරේ

Sunday, 24 July 2016 - 10:05

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BD%E0%B7%90%E0%B7%80%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%9A
ඇමරිකාවේ - කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නුවරට උතුරෙන් වූ කඳුකර ප්‍රදේශයේ ලැව් ගිනි තවදුරටත් පැතිරෙමින් පවතින බව විදෙස් වාර්තා සදහන් කළා.

ඊයේ සන්ධ්‍යාව වනවිට අක්කර 20,000 ක පමණ ප්‍රදේශයක ගින්න පැතිරී තිබූ අතර දහස් ගණන් ජනයා ආරක්ෂක ස්ථාන කරා ඉවත් කරගෙන තිබෙනවා.

පවතින උණුසුම් කාලගුණය සහ සුළං ප්‍රවාහය හේතුවෙන් ලැව්ගිනි තවදුරටත් පැතිරෙන බව සදහන්.

ගිනි නිවන භටයන් 900 දෙනෙකු මෙන්ම හෙලිකොප්ටර් සහ ගුවන් යානා කැලිෆෝනියා ලැව් ගින්න මැඩලීමේ නිරතව සිටින බව විදෙස් වාර්තා සදහන් කළා.