තුර්කියේ ජනාධිපති ආරක්ෂක බලකාය විසුරුවයි

Sunday, 24 July 2016 - 12:22

%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
තුර්කියේ ජනාධිපති ආරක්ෂක බලකාය විසුරුවා හැරීමට තීරණය කර තිබෙනවා.

තුර්කි අග්‍රාමාත්‍ය බිනාලි යිල්දිරිම් එරට රූපවාහිනි සේවාව ඔස්සේ ප්‍රකාශ කළේ  එවැනි බලකායක අවශ්‍යතාව දැන් නොමැති බවයි.

තුර්කියේ පසුගිය සතියේ ඇති වූ අසාර්ථක කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ජනාධිපති ආරක්ෂක අංශයේ සෙබලුන් 283 දෙනෙකු ද අත්අඩංගුවට පත් වුණා.

ඒ අනුව, 2500 ක් පමණ වන තුර්කි ජනාධිපති ආරක්ෂක බලකාය විසුරුවා හැරීමට රජය තීරණය කර ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

මේ අතර, අසාර්ථක වූ හමුදා කැරැල්ලෙන් පසු ජනාධිපති තායිප් අර්ඩවාන් ප්‍රතිවාදීන්ට එරෙහිව දැඩි පියවර ගනිමින් සිටින බව වාර්තා වනවා.

සැකකරුවන් චෝදනා ගොනු කිරීමෙන් තොරව රදවා ගත හැකි කාලය ද දින 30 දක්වා දික් කිරීමට තුර්කි ජනාධිපතිවරයා ඊයේ තීරණය කළා.

රට තුළ ක්‍රියාත්මක පෞද්ගලික පාසල් දහසක්  සහ සංවිධාන 1200 ක් වසා දැමීමට ද තීරණය කර තිබෙනවා.

තුර්කි ජනාධිපතිවරයාගේ මෙම දැඩි ක්‍රියාමාර්ග වලට ඇමරිකාව සහ යුරෝපා සංගමයෙන් එල්ල වන්නේ දැඩි විරෝධයක්.