ජනපතිගෙන් ඒකාබද්ධ විපක්ෂයට සාකච්ඡාවක්

Sunday, 24 July 2016 - 12:37

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සාකච්ඡාවක් සඳහා හෙට දිනයේ පැමිණෙන ලෙස තමන්ට දැනුම් දී ඇති බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසනවා.

ඒ අනුව ජනාධිපති නිල නිවසේදී හෙට (25) පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.

ඒ සඳහා පැමිණෙන ලෙස තමන්ට දැනුම් දුන් බවයි ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අළුත්ගමගේ, චන්ද්‍රසිරි මුතුකුමාරණ සහ විජිත බේරුගොඩ සඳහන් කළේ.

මේ පිළිබදව අප ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද විමසීමක් කළා.

එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ  මේ වනතුරු එවැනි සාකච්ඡාවක් සම්බන්ධයෙන් දැනුම්වත් වී නොමැති බවයි.