මෙරට මානව හිමිකම් වර්ධනය වෙලා බ්‍රිතාන්‍යය කියයි

Sunday, 24 July 2016 - 12:47

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මේ වසරේ මුල් අර්ධය තුළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වයේ වර්ධනයක් දක්නට ලැබෙන බව බ්‍රිතාන්‍යය පවසනවා.

එරට විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩල කටයුතු කාර්යාලය වසරේ මුල් මාස 6 සදහා සිය අතුරු වාර්තාව නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළා.

කෙසේ නමුත් ජගත් මානව හිමිකම් මණ්ඩල යෝජනාව මුළුමනින්ම ක්‍රියාවට නැංවීම සදහා ලක් රජය තවත් බොහෝ දෑ කළ යුතු බවයි එමගින් සදහන් කළේ.

විශේෂයෙන් තොරතුරු දැන ගැනීමේ පනත සම්මත වීම රජයේ කටයුතු පිළිබද වඩාත් වගවීමක් සහ විනිවිදභාවයක් ඇති කරනවා.

එමෙන්ම, වසරේ ඉදිරි මාස 6 තුළ ද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය නිවැරදි මාර්ගයට යොමුවනු ඇති බවට බ්‍රිතාන්‍ය විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩල කටයුතු කාර්යාලය විශ්වාසය පළ කළා.

මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිය කැපවීම් සාක්ෂාත් කර ගැනීම සදහා ලක් රජය දිරිගන්වන බවයි බ්‍රිතාන්‍ය රජය වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර, බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා විසින් ආසියා පැසිෆික් කලාපයට අදාළව විදේශ කටයුතු කාර්යාලයේ සහකාර ලේකම්වරයෙකු ලෙස ආලෝක් ෂර්මා පත් කර තිබෙනවා.

ඉදිරියේදී ඔහු  ශ්‍රී ලංකාව සමග බ්‍රිතාන්‍යයේ දේශපාලනමය සබදතා සම්බන්ධයෙන් කටයුතු කරනු ඇති.